ජපාන අග්රාමාත්යවරයාගේ අවශ්යතාව
ජපාන අග්රාමාත්ය ෆුමියෝ කිෂිඩා උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් හමුවීමේ අවශ්යතාවයකින් පසුවන බව උතුරු කොරියාව නිවේදනය කරනවා.
උතුරු කොරියා නායකයාගේ සොහොයුරිය වන කිම් යෝ ජොන්ග් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන්කර තිබෙනවා.
කෙසේ වුවද දෙරට අතර සබදතා ශක්තිමත් වීමට ජපානය ගනු ලබන දේශපාලන තීරණ පදනම් වනු ඇති බවයි ඇය නිවේදනය කරන්නේ.
එමෙන්ම ජපාන අග්රාමාත්යවරයාට අවශ්ය වූ පමණින් හෝ ඔහු තීරණය කළ පමණින් තම නායකයාව හමුවිය නොහැකි බවද කිම් යෝ ජොන්ග් සඳහන් කරනවා.
1910 වසරේ සිට 1945 වසර දක්වා ජපානය උතුරු කොරියාවේ පාලන කටයුතු සිදුකළ අතර එම කාලයේදී උතුරු කොරියා කාන්තාවන් ගණිකා සේවයේ යෙදවූ බවට ජපානයට චෝදනා එල්ලවනවා.
කෙසේ වුවද හමුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජපානය සදහන් කරන්නේ මීට වසර 10කට පමණ පෙර පැහැරගැනීමට ලක්වූ ජපාන ජාතිකයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් උතුරු කොරියාව සමග සාකච්ඡා කිරීම සදහා අග්රාමාත්යවරයා බලාපොරොත්තු වන බවයි.
The post ජපාන අග්රාමාත්යවරයාගේ අවශ්යතාව appeared first on ITN News.