කොළඹ දිස්ත්රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ ගම්මානය හෝමාගම දාම්පේ ප්රදේශයේ පිහිටුවීමට තෝරා ගැනේ
කොළඹ දිස්ත්රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ ගම්මානය හෝමාගම දාම්පේ ප්රදේශයේ පිහිටුවීමට තෝරාගෙන තිබෙනවා.
ඒ අනුව දාම්පේ ප්රදේශයේ ගොවි පවුල් සියයකට තැඹිලි පැල බෙදාදීම අද සිදුකෙරුණා.
පොල් වගාකිරීමේ මණ්ඩලය වැඩසටහන සංවිධාන කර තිබූ අතර අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද එම අවස්ථාවට එක්වුණා.
දිවයිනේ ගම්මාන 85ක් අපනයන ඉලක්ක කරමින් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස පිහිටුවීමට කටයුතු කෙරෙනවා.
2022 වසරේ රුපියල් බිලියන 2ක ආදායමක් උපයාගැනීමට හැකිවී ඇති බවයි අමාත්යවරයා පෙන්වා දුන්නේ.
පසුගිය වසරේ තැඹිලි අපනයනයෙන් බලාපොරොත්තු වූ ආදායම රුපියල් බිලියන 6ක්.
The post කොළඹ දිස්ත්රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ ගම්මානය හෝමාගම දාම්පේ ප්රදේශයේ පිහිටුවීමට තෝරා ගැනේ appeared first on ITN News.