පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණයට ජපන් ආයෝජනයක්
පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පනගන්වන්නට ජපන් ආයෝජකයෙක් ඉදිරිපත්ව සිටිනවා.
ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම කොළඹ දී සිදුවුණා.
2014 වසරේ අගෝස්තු 25 වනදා විවෘත කෙරුණ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 352ක්.
නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම්වලට අනුවයි එය ඉදිකෙරුණේ.
පසුගිය වකවානුවේ එය නිසි නඩත්තුවකට ලක් නොකිරීමෙන් වෙළෙඳසැල් 92න් 80%ක්ම වැසි ගියා.
එය දිනෙන් දින පරිහානියට පත්වෙමිනුයි පැවතුණේ.
වෙළෙඳ සංකීර්ණය යළි පන ගැන්වීමට ජපන් ආයෝජකයෙකු ඉදිරිපත් වු අතර ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් හා ජපන් ආයෝජක අකිර හිරෝස් යන මහත්වරුන්ගේ ප්රදානත්වයෙන් සිදුවුණා.
ගිවිසුමේ බදු කාලය වසර 30ක්.
The post පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණයට ජපන් ආයෝජනයක් appeared first on ITN News.