පේරාදෙණිය සරසවි සිසුන් පිරිසක් එවරස්ට් තරණයට සූදානම්
පේරාදෙණිය සරසවියේ විද්යාර්ථීන් හය දෙනෙකු එවරස්ට් කන්ද තරණය කිරීමේ අභියෝගයට සූදානම්ව සිටිනවා.
ලබන අප්රේල් හතර වනදා එම ගමන ආරම්භ කිරීමට නියමිතයි.
මුහුදු මට්ටමේ සිට මීටර් හයදහස් දෙසීයක් ඉහළින් ඇති අයිලන්ඩ් පීක් වෙත ළඟාවීමටයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ.
විශ්වවිද්යාල සිසුන් පිරිසක් එවරස්ට් කන්දේ මෙතරම් උසකට ගමන් ගන්නා පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගතවනු ඇති.
The post පේරාදෙණිය සරසවි සිසුන් පිරිසක් එවරස්ට් තරණයට සූදානම් appeared first on ITN News.