ඇමරිකාවේ පිහි ඇනුමකින් 4 දෙනෙක් මියයයි
ඇමරිකාවේ ඉලිනොයිස් හි රොක්ෆර්ඩ් ප්රදේශයේ පිහි ඇනුමකින් 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියෙන් 15 හැවිරිදි දැරියක්, 63 හැවිරිදි කාන්තාවක්, 49 හැවිරිදි පුද්ගලයෙක් හා 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව සිටිනවා.
තුවාල ලැබූවන් ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
සිද්ධිය පිලිබඳ විමර්ශන ක්රියාත්මකයි.
The post ඇමරිකාවේ පිහි ඇනුමකින් 4 දෙනෙක් මියයයි appeared first on ITN News.