ගෝලීය බිත්තර මිල ඉහළට
පාස්කු උත්සව සමය එළැඹීමත් සමඟ ගෝලීය බිත්තර මිල ඉහළ ගොස් තිබෙනවා.
ඉහළ ඉල්ලුමට අමතරව කුරුළු උණ පැතිරීම හා ගොවීන්ගේ නිෂ්පාදන මිල ඉහළ යාම ඇතුළු සාධක හේතුවෙන් බිත්තර මිල ගෝලීය වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරට වඩා අඩු වුවද මේ වන විට බිත්තර මිල ඉහළ මට්ටමකයි පවතින්නේ.
පෙබරවාරි මාසයේදී බිත්තර 12ක සාමාන්ය මිල ඩොලර් 2.99ක් ලෙස වාර්තා වුණා.
එනම් එක බිත්තරයක ගෝලීය මිල රුපියල් 75ක සීමාවට ආසන්නව පැවතුණා.
කෙසේ වෙතත් අභියෝග මධ්යයේ වුවද, පාරිභෝගිකයින්ට හා ගොවීන්ට සහන සලසමින් බිත්තර මිල ස්ථාවර වනු ඇතැයි විශේෂඥයන් පෙන්වා දෙනවා.
The post ගෝලීය බිත්තර මිල ඉහළට appeared first on ITN News.