How can Sri Lankan charities find international donors and partners?

මාර්ගගතව සිදු වන ළමා ලිංගික අපයෝජන වාර්තාකරණය සඳහා වූ නව ප්රවේශය එළිදැක්වේ

- itnnews.lk

අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්රවේශය එළිදැක්වීම ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදුවුණා.

ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවි, ඡායාරූප සහ වීඩියෝ දර්ශන හේතුවන් ළමුන් සයිබර් අවකාශය තුළ හිංසනයට ලක්වීම වර්තමානයේ විශාල ගැටළුවක්ව පවතිනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලෝකයේ ප්රමුඛතම අන්තර්ජාල ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ආයතනයක් වන එක්සත් රාජධානියේ ඉන්ටර්නෙට් වොච් ෆවුන්ඩේෂන් ( Internet Watch Foundation – IWF) ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ක්රියාත්මක කර තිබෙන අතර මෙහි මූල්ය අනුග්රාහකත්වය Save the Children සහ Child Fund යන ආයතන විසින් සපයනු ලැබෙනවා.

මෙම මාර්ගගත ක්රමවේදය හඳුන්වා දීමෙන් පසු ඕනෑම අයෙකුට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ www.childprotection.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවන අසභ්ය ළමා ඡායාරූප සහ වීඩියෝ දර්ශන ආදිය පිළිබදච වාර්තා කළ හැකි අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සම්බන්ධීකරණයෙන් IWF සංවිධානය විසින් අදාළ ඡායාරූප, වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සහ සැකකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ප්රදේශයට අදාළ පොලිස් ස්ථාන වෙත හෝ අදාළ අපයෝජනයට ලක් වූ අය වෙනුවෙන් පෙනී සිටින ආයතන වෙත ලබාදීම සිදු කරයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 011 – 2 778911 දිගු අංක (269) ඔස්සේ නීතිය බලාත්මක කිරීමේ අංශය අමතා හෝ www.childprotection.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්යංශයේ ලේකම් යමුනා පෙරේරා, අධ්යාපන අමාත්යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ යන මහත්ම මහත්මීන් සහ ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්රියාකරීව කටයුතු කරන ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම මාර්ගගත ප්රවේශය එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියා.

ඉන් අනතුරුව ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ අධ්යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති අධීක්ෂණ කමිටුවේ සාමාජිකයන් සමඟ හමුවකටද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එක් වුණා.

එම කමිටු වාර්තාව 2023 ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ අතර බහු පාර්ශවකරුවන් සමඟ පුළුල් උපදේශන ඔස්සේ සකස් කරන ලද එම වාර්තාවේ ළමා ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ කෙටිකාලීන, මධ්ය කාලීන සහ දිගු කාලීන නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

ළමා ආරක්ෂණ පද්ධතිය තුළ කටයුතු කරන විවිධ වූ ආයතන සඳහා නිර්දේශ ක්රියාවට නැංවීමේ පළමු පියවර ලෙස කමිටුව විසින් අදාළ අංශ සහ ආයතන ඉලක්ක කරගත් කෙටිකාලීන නිර්දේශ කිහිපයකට ප්රමුඛත්වය දී ඇති බවත්, එය මාස 06ක් තුළ ක්රියාත්මක කිරීමටත් එම ගැටලුවල බරපතලකම අනුව ඒවාට ප්රමුඛත්වය ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දුන්නේ ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ මෙතෙක් පැවති කිසිඳු රජයක නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් අද එය බරපතළ ගැටලුවක් වී ඇති බවයි.

පවතින සංකීර්ණතාව තුළ මෙම ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීම අසීරු වුවද රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසුවා.

අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්රියාත්මක කිරීමේ අවශ්යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අදාළ අමාත්යාංශ, පොලිසිය සහ ළමා සුරැකුම් සහ පරිවාස සේවා නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්ව මේ සඳහා කැපවී කටයුතු කිරීමේ අවශ්යතාව ද පැහැදිළි කළා.

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බවත්, ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු අදාළ අමාත්යාංශවල ලේකම්වරුන් ද, නීතිපති සංජය රාජරත්නම්, සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් සහ ළමා ආරක්ෂණයට අදාළ රේඛීය ආයතනවල ප්රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

The post මාර්ගගතව සිදු වන ළමා ලිංගික අපයෝජන වාර්තාකරණය සඳහා වූ නව ප්රවේශය එළිදැක්වේ appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Committee of Public Finance (COPF), at its most recent meeting, has examined the effectiveness of recent tax increases on tobacco and liquor, aimed at discouraging consumption and boosting government revenue.

- adaderana.lk

The 22nd ASEAN Regional Forum (ARF) Inter-Sessional Meeting on Disaster Relief was held virtually earlier this week, hosted by Vietnam and co-chaired by Bangladesh, Sri Lanka and Vietnam, and attended by 55 participants from ARF member countries.

- onlanka.com

The National Water Supply & Drainage Board (NWSDB) has announced that a 14-hour water cut will be implemented in several areas of the Colombo District starting from Saturday evening (April 27).The post Multiple areas in Colombo district to experience 14-hour water cut today appeared first on Sri Lanka Breaking News | Latest News | ONLANKA.

- adaderana.lk

US Defense Secretary Lloyd Austin announced on Friday a $6 billion long-term military aid package for Ukraine  the largest to date  which will allow the US to purchase new equipment produced by the American defense industry for the Ukrainian military.

- colombogazette.com

By Easwaran Rutnam The Sri Lanka labour court ruled against the BBC for prematurely terminating the contract of top journalist Azzam Ameen.  Issuing a judgement, the Labour Court ruled that ending the contract of BBC Sri Lanka correspondent Azzam Ameen was unreasonable and unjustifiable. Accordingly, the judge ordered the BBC to pay compensation to the […]

- island.lk

The Pentagon says it will “rush” Patriot air defence missiles and artillery ammunition to Ukraine as part of its new military aid package. The US will utilise $6bn (£4.8bn) for this purpose, Defence Secretary Lloyd Austin revealed on Friday. Patriot air defence batteries are not included. Ukrainian President Volodymyr Zelensky said Patriots were “urgently” needed […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc