මහ සිකුරාදා දිනය අද
ජේසුස් ක්රිස්තුස් වහන්සේ කුරුසය මතදී තමන්ගේ ජීවිතය පූජා කළ මහ සිකුරාදා දිනය අදයි.
මේ නිමිත්තෙන් දිවයින පුරා කිතුණු දේවස්ථානවල ආගමික වතාවත් සංවිධාන කර තිබෙනවා.
ජේසුස් ක්රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණගසා මරණයට පත් කරනු ලැබීමේ දුක්ඛප්රාප්තිය සිහි ගන්වමින් මහ සිකුරාදා දිනය සමරනු ලබන්නේ දේව පුත්රයානන් අනුස්මරණය කරමින්.
ලොව පුරා කිතුණු බැතිමතුන් දේවස්ථානවලදී ආගමික වතාවත්වල යෙදෙමින් මහ සිකුරාදා දිනය සැමරීමට එක්ව සිටිනවා.
කිතුණු ජන වන්දනා ලිතෙහි සුවිශේෂී දිනයක් ලෙස මහ සිකුරාදා දිනය හැදින්වෙනවා.
මේ අතර අද දිනයේ දේවමෙහෙයන්ට සහභාගී වන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කරනවා.
අද දිනයේ මෙන්ම අනිද්දා දිනයට යෙදී තිබෙන පාස්කු ඉරිදා දේවමෙහෙයන් පවත්වන සියලුම කිතුණු දේවස්ථානවලට මෙම ආරක්ෂාව සපයන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබෙනවා.
දේවස්ථාන 2253ක පියතුමන්ලා සමඟ ප්රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන් සාකච්ඡා කර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කර ඇති බවයි පොලිස් මාධ්ය කොට්ඨාශය දැනුම් දෙන්නේ.
The post මහ සිකුරාදා දිනය අද appeared first on ITN News.