‘ජයගමු ශ්රී ලංකා’ ඊශ්රායල් රැකියා රැගෙන අද වව්නියාවට
විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල් කරණයට ලක් කිරීමේ සුබ පණිවුඩය රැගෙන මාතලේට ගිය ජයගමු ශ්රී ලංකා වැඩසටහන අද (29) සහ හෙට (30) යන දින දෙකේදී වව්නියාව ගාමිණී විද්යාලයීය ක්රීඩාංගනයේදී පැවැත්වෙනවා.
මාතලේ දිස්ත්රික්කයට ‘ස්මාට් හෙටක්’ නිර්මාණය කර දීම වෙනුවෙන් පසුගිය සතියේ මාර්තු 22 -23 දෙදින බොහෝ කලකට නොපැවුත්වුණු පන්නයේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබ තිබුණේ කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය විසින්.
මාතලේ එඩ්වඩ් ක්රීඩාංගණයට රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්, විදේශගත ශ්රමිකයින්, විදේශගත වීම අපේක්ෂාව කර ගත් උපදේශනය සහ දිරිගැන්වීම් අවැසිවූවන් මෙන්ම පාසල් දූ දරුවන් සහ රජයේ නිලධාරීන් ඉහත දෙදින තුළ බොහෝ සංඛ්යාවක් පැමිණියා.
කම්කරු හා විදේශ රැකියා මනූෂ නානායක්කාර මහතාගේ මගපෙන්වීම ‘ජයගමු ශ්රී ලංකා’ සඳහා එහිදී නිබඳව ලැබී තිබුණා.
The post ‘ජයගමු ශ්රී ලංකා’ ඊශ්රායල් රැකියා රැගෙන අද වව්නියාවට appeared first on ITN News.