මුහුදු රළ ගොඩ ගසයි – පොලිසියෙන් දැනුම් දීමක්
ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයට මුහුදු රළ පැමිණීම හේතුවෙන් රථවාහන ධාවනයේ දී විමසිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.
අකුරල කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා මාර්ගයට ඊයේ රාත්රියේ මුහුදු රළ පැමිණීම හේතුවෙන් ගමනාගමනයට බාධා මතුවුණා.
තවදුරටත් මුහුදු රළ විටින් විට පැමිණෙන බැවින් රථවාහන ධාවනයේ දී විමසිලිමත්වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.
වැලි සහ ගල් මාර්ගයේ විසිරී තිබීම හේතුවෙන් වාහන ලිස්සා යාමක් ද සිදුවිය හැකි බවද පොලීසිය දැනුම් දෙනවා.
The post මුහුදු රළ ගොඩ ගසයි – පොලිසියෙන් දැනුම් දීමක් appeared first on ITN News.