මත්කරල් සමඟ කාන්තාවක් කොටුවෙයි
මත්කරල් ජාවාරමේ යෙදුණු කාන්තාවක් යාපනයේදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීමක් සිදුකර ඇත්තේ.
එහි දී නීති විරෝධී මත්පෙති තොගයක් සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදුණු වයස අවුරුදු 20 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය පුන්නාලේ කට්ටුවාන් උතුර ප්රදේශයේ පදිංචිකාරියකි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
The post මත්කරල් සමඟ කාන්තාවක් කොටුවෙයි appeared first on ITN News.