පාසල් මාර්ග ආරක්ෂණ සංසද නිල වශයෙන් ආරම්භ කෙරේ
මාර්ග ආරක්ෂාව පිළිබඳ පදක්කම් ලබන පාසල් සිසුන් රියදුරු බලපත්රය ලබා ගැනීමේ දී ලිඛිත විභාගයකට පෙනී සිටිම අවශ්ය නොවන බව රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
පාසල් මාර්ග ආරක්ෂණ සංසද නිල වශයෙන් ආරම්භ කිරිමේ උත්සවයට එක්වෙමිනුයි රාජ්ය අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ.
සුසිල් ප්රේමජයන්ත / බන්දුල ගුණවර්ධන යන අමාත්යවරුන් ඇතුලු පිරිසකගේ මූලිකත්වයෙන් මෙම උත්සවය අධ්යාපන අමාත්යාංශයේ දි පැවැත්වුණා.
පාසල් සිසුන්ට මාර්ග ආරක්ෂාව පිළිබද න්යායික හා ප්රායෝගික අධ්යාපනයක් ලබාදීම මෙහි අරමුණයි.
ඊට අදාළ පාඩම් මාලා කට්ටල පාසල් වෙත බෙදාදීම ද මෙහිදි සිදු කෙරුණා.
The post පාසල් මාර්ග ආරක්ෂණ සංසද නිල වශයෙන් ආරම්භ කෙරේ appeared first on ITN News.