ජයවර්ධනපුර විශ්වවිද්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් විසුරුවා හැරේ
ජයවර්ධනපුර විශ්වවිද්යාලය ඉදිරිපිට අද පස්වරුවේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළා.
හෝමාගම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කර එන් එස් බී එම් විශ්වවිද්යාලයට සායනික පුහුණුව සදහා ලබාදීමට ගෙන ඇති කැබිනට් තීරණයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.
එහිදි පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කරමින් විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කළා.
මේ අතර මොරටුව විශ්වවිද්යාලය අසල ද පැවති විරෝධාතවක් විසුරුවා හැරීමටයි පොලීසිය කටයුතු කළේ.
The post ජයවර්ධනපුර විශ්වවිද්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් විසුරුවා හැරේ appeared first on ITN News.