රජිව් ගාන්ධි ඝාතන සිද්ධියේ වරදකරුවන් දිවයිනට
ඉන්දියාවේ හිටපු අග්රාමාත්ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සිරදඩුවම් ලැබු ශ්රී ලාංකිකයන් තුන් දෙනෙකු එරටින් පිටුවහල් කිරීමත් සමඟ දිවයිනට පැමිණියා.
තාවකාලිකව සකස් කළ ගුවන් ගමන් බලපත්රයකින් ඔවුන් මෙසේ දිවයිනට පැමිණියේ වසර 33කට පසුවයි. 1991 වසරේ දී රජිව් ගාන්ධි මහතා ඝාතනය කෙරුණා.
මෙම තිදෙනාට 2022 වසරේ නිදහස ලැබීමෙන් පසු තමිල්නාඩුවේ විශේෂ කදවුරක රදවා ගෙන සිටියා.
ඔවුන් ඉන්දියාවට ඇතුලු වී තිබුණේ බෝට්ටුවක ආධාරයෙන් බව හෙලිවුනා.
කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළට පැමිණි මෙම තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගත්තා.
The post රජිව් ගාන්ධි ඝාතන සිද්ධියේ වරදකරුවන් දිවයිනට appeared first on ITN News.