මේ වසරේ මුල් මාස 3 තුළ 75,000ක් රට රැකියාවලට ගිහින්
මේ වසරේ ගත වූ මුල් මාස 3 තුළ ශ්රී ලාංකිකයින් 75,000කට ආසන්න පිරිසක් රැකියා සඳහා විදෙස් ගතව ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එම කාලය තුළ පුද්ගලයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදෙස් ගතව ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.
ඉන් 39,900ක් පිරිමි ශ්රමිකයින් වන අතර 34,599 දෙනෙකු කාන්තා ශ්රමිකයින්.
ශ්රී ලාංකිකයින් වැඩි දෙනෙකු රැකියා සඳහා කුවේට් රාජ්ය වෙත ගොස් ඇති අතර එම සංඛ්යාව 17,793කි.
පෙර වර්ෂවලට සාපේක්ෂව මේ වසරේ මුල් මාස තුන තුළ දකුණු කොරියාව, ඊශ්රායලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්රී ලාංකිකයින් යොමුවීමේ වැඩි ප්රවණතාවක් ද පෙන්නුම් කර තිබෙනවා.
රැකියා සඳහා දකුණු කොරියාව වෙත ලාංකිකයින් 2,374 දෙනෙකු ද, ඊශ්රායලය වෙත 2,114 දෙනෙකු ද රුමේනියාව වෙත 1,899 දෙනෙකු හා ජපානය වෙත 1,947 දෙනෙකු ද පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.
මේ අතර රැකියා සඳහා විදෙස් ගතවූ ශ්රී ලාංකිකයින් මේ වසරේ මුල් මාස 2 තුළදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 963.8ක ප්රේෂණ ප්රමාණයක් මෙරටට එවා ඇති බව ද එම කාර්යාංශය සඳහන් කළා.
The post මේ වසරේ මුල් මාස 3 තුළ 75,000ක් රට රැකියාවලට ගිහින් appeared first on ITN News.