දෛනිකව හදිසි අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 32ත් 35ත් අතර සංඛ්යාවක් වාර්තා වෙයි
හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව මෙරටින් මරණ 32ත් 35ත් අතර සංඛ්යාවක් වාර්තා වන බව සෞඛ්ය අමාත්යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්ය සමිත සිරිතුංග මහතා පවසනවා.
ඔහු පවසන්නේ වාර්ෂිකව හදිසි අනතුරු හේතුවෙන් පුද්ගල මරණ දස දහසකට වැඩි සංඛ්යාවක් සිදු වන බවයි.
රථ වාහන අනතුරු, දියේ ගිලීම්, විෂවීම් ඇතුළු හදිසි අනතුරු හේතුවෙන් එම මරණ සිදුවන බව සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්ය සමිත සිරිතුංග මහතා සඳහන් කළේය.
මේ අතර අප්රේල් මාසය තුළ රිය අනතුරු ඉහළ යා හැකි බැවින් ඒ සඳහා මෙහෙයුම් ක්රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව කොළඹ රථ වාහන කොට්ඨාසයේ ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා පැවසුවේය.
The post දෛනිකව හදිසි අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 32ත් 35ත් අතර සංඛ්යාවක් වාර්තා වෙයි appeared first on ITN News.