කොකේන් සමඟ තුන්දෙනෙක් අත්අඩංගුවට
කොකේන් සමඟ නයිජිරියන් ජාතිකයෙකු ඇතුලු සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දකුණු අප්රිකාවේ සිට ගුවන් තැපැල් මගින් මෙරටට මත්ද්රව්ය පාර්සලක් එවන බවට පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා.
ඔරුගොඩවත්ත ප්රදේශයේ පිහිටි භාණ්ඩ බෙදා හැරීමේ ආයතනයකට අදාළ මත්ද්රව්ය පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයෙකු එහි තිබු කොකේන් ග්රෑම් 210ක් සමඟ අත්අඩංගුවට ගැණුනා.
ඔහු වයස අවුරුදු 25ක් වන බොරැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
The post කොකේන් සමඟ තුන්දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.