මත්කරල් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
පානදුර, හිරණ ප්රදේශයේදී හෙරොයින් මත්ද්රව්ය ආදේශයක් ලෙස භාවිත කරන මත්කරල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර අපරාධ කොට්ඨාසය විසිනුයි අත්අඩංගුවට ගැනීඹ කර තිබෙන්නේ. සැකකරු සතුව තිබී මත්කරල් 76,796ක තොගයක් සහ ගංජා කිලෝග්රෑම් එකකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි අයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
The post මත්කරල් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.