මධ්යම අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ ඉඩම් අහිමි වූ අය සඳහා ඔප්පු
මධ්යම අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉඩම් අහිමි වූ අය සදහා ඔප්පු ප්රදානය කෙරුණා.
අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන , රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙනුයි ඉඩම් ඔප්පු ප්රදානය සිදු කෙරුණේ.
මෙම මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූ අයට විකල්ප ඉඩම් ලබාදීමට ව්යාපෘතිය ආරම්භයේදීම තීරණය කෙරුණා.
පළමු අදියර යටතේ කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37.9ක දුරක් ඉදිකෙරෙනවා.
ඒ වෙනුවෙන් ඉඩම් කැබලි 7881 ක් අත්පත් කර ගෙන තිබෙනවා.
එමෙන්ම රුපියල් මිලියන 10,852 ක් ඉඩම් සදහා වන්දි ලෙස ගෙවා තිබෙනවා.
The post මධ්යම අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ ඉඩම් අහිමි වූ අය සඳහා ඔප්පු appeared first on ITN News.