දමිතා සහ සැමියා අත්අඩංගුවට
රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බවට දමිතා අබේරත්නට සහ ඇගේ සැමියාට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනා අද පෙරවරුවේ කොටුව මහේස්ත්රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරුවන් ප්රකාශ කළේ.
මේ අතර දමිතා අබේරත්න සහ ඇගේ සැමියාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය ඊයේ නියෝග කළා.
The post දමිතා සහ සැමියා අත්අඩංගුවට appeared first on ITN News.