ඇමෙරිකා ජනපති සහ ඊශ්රායල අගමැති අතර සංවාදයක්
ගාසා තීරයට එල්ල කරන ප්රහාරයන්හි දී සිවිල් වැසියන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙස ඇමෙරිකා ජනාධිපතිවරයා ඊශ්රායල අග්රාමාත්යවරයාට දැනුම් දී තිබෙනවා.
ගාසා වැසියන්ගේ ජීවිතවලට හානි සිදු නොවන ලෙස යුද මෙහෙයුම් සිදු කිරීමට විශේෂ අවධානයක් හා ක්රියාමාර්ග ගන්නා ලෙස ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුට අවධාරණය කර තිබෙනවා.
රාජ්ය නායකයින් දෙදෙනා අතර පැවති විශේෂ දුරකතන සංවාදයකදීයී මේ බව සඳහන් කර ඇත්තේ.
ඊශ්රායල ප්රහාරයන්ගෙන් සහන සේවකයින් හා සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ඇමෙරිකා ජනාධිපතිවරයා මෙහිදී කියා තිබෙනවා.
එමෙන්ම සටන් විරාමයකට අවශ්ය නිසි ක්රියාමාර්ග ගන්නා ලෙස ඔහු ඊශ්රායල අග්රාමාත්යවරයාට දැනුම් දී ඇති බව සඳහන්.
කෙසේ වුවද ඇමෙරිකාව ඊශ්රායලයේ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවටයි චෝදනා එල්ල වන්නේ.
The post ඇමෙරිකා ජනපති සහ ඊශ්රායල අගමැති අතර සංවාදයක් appeared first on ITN News.