තවත් සැකකරුවන් 838 දෙනෙක් අත්අඩංගුවට
විෂ මත්ද්රව්ය ජාවාරම්කරුවන්ගේ හා බෙදාහරින්නන්ගේ ජාලය මර්දනය සඳහා මේ වන විට විශේෂ මෙහෙයුම් ක්රියාත්මකයි.
ඒ යටතේ ඊයේ සිදුකළ වැටලිම්වලදී සැකකරුවන් 838 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ දිනයේ සිදුකළ වැටලීම්වලදි අත්අඩංගුවට ගත් සැකකරුවන් 838 දෙනා අතර කාන්තා සැකකාරියන් 9 දෙනෙකු ද වනවා.
හෙරොයින් , අයිස් , ජංගා ඇතුලු මත්ද්රව්ය තොගයක් ද මෙහිදි අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් 46 දෙනෙකු වැඩිදුර විමර්ෂණ සඳහා රඳවා තබා ගැනීමටත් තවත් සැකකරුවන් 3න් දෙනෙකු පුනරුත්ථාපන මධ්යස්ථාන කරා යොමු කිරීමටත් කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාශය සඳහන් කළා.
මෙම මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්රියාත්ම කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.
කළුතර උතුර ප්රදේශයේ පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මත්ද්රව්ය අලෙවියේ යෙදුණු 33 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගැනුනා.
මත්කරල් 85ක් ද සැකකරු සන්තකයේ තිබි සොයා ගැනුනු අතර වැඩිදුර විමර්ෂණ සඳහා ඔහු කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කෙරුණේ.
The post තවත් සැකකරුවන් 838 දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.