ස්ලෝවැකියාවේ ජනාධිපතිවරණයෙන් Peter Pellegrini ජයග්රහණය කරයි
ස්ලොවැකියා ජනාධිපතිවරණයෙන් Peter Pellegrini ජයග්රහණය කර තිබෙනවා.
පීටර් පෙලෙග්රිනි රුසියා හිතවාදී පුද්ගලයෙකු ලෙසයි හැදින්වෙන්නේ. ජනාධිපතිවරණයෙන් ඔහු 53% ඡන්ද ප්රතිශතයක් හිමිකර ගත් අතර ඔහු ඉදිරියේ බටහිර හිතවාදි ඉවාන් ක්රොක් පරාජයට පත්වුණා.
ස්ලොවැකියා පාර්ලිමේන්තුවේ බලය ද රුසියාවට පක්ෂපාත රොබට් පිකෝ සතු වන අතර ජනාධිපතිවරණ ජයග්රහණයත් සමග ස්ලොවැකියාව සම්පුර්ණයෙන් රුසියා හිතවාදී රටක් බවට පත්වනවා.
මීට පෙර ස්ලොවැකියාව යුක්රේනයට පක්ෂපාතීත්වය පළ කළ ද පසුගිය ඔක්තෝබර් මස පැවති මහමැතිවරණයෙන් රොබට් පිකෝ අග්රාමාත්ය ධුරයට පත්වීමත් සමග යුක්රේනයට ලබාදුන් යුද ආධාර අත්හිටුවීමට කටයුතු කළා.
The post ස්ලෝවැකියාවේ ජනාධිපතිවරණයෙන් Peter Pellegrini ජයග්රහණය කරයි appeared first on ITN News.