ජාතික අධ්යාපන විද්යාපීඨ සඳහා අයදුම් කිරීමේ කාලසීමාව දීර්ඝ කෙරේ
2021 හා 2022 වර්ෂයන්හි අ.පො.ස. (උ.පෙළ) ප්රතිඵල මත ජාතික අධ්යාපන විද්යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම යටතේ අයදුම් කිරීමේ කාලසීමාව 2024.04.10 දින මධ්යම රාත්රී 12.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.
2024/04/05 දින සිට 2024.04.10 දින දක්වා අයදුම්පත් යොමු කළ අයදුම්කරුවන්ට, අයදුම්පත්වල සංශෝධනයන් සිදු කළ යුතු නම් 2024.04.11 දින සිට 2024.04.17 දින මධ්යම රාත්රී 12.00 දක්වා පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවයි අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරන්නේ
The post ජාතික අධ්යාපන විද්යාපීඨ සඳහා අයදුම් කිරීමේ කාලසීමාව දීර්ඝ කෙරේ appeared first on ITN News.