උත්සව සමයේ අනතුරු වලින් ආරක්ෂා වීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශන සංග්රහයක්
සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ ජනතාව විවිධ අනතුරු වලට මුහුණදෙන බැවින් ඒ සම්බන්ධයෙන් ජනතාව අනතුරු වලින් වැළකෙන්නේ කෙසේද යන්න දැනුවත් කිරීමට මාර්ගෝපදේශ සංග්රහයක් නිකුත් කර ඇතැයි සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා සදහන් කරයි.
සෞඛ්ය අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) උත්සව සමයේ අනතුරු වළක්වාගැනීම සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවේදී අදහස් දක්වමිනි.
අලුත් අවුරුදු සතිය තුළදී ශ්රී ලංකාවේ රෝහල්ගත වීම් සෑහෙන ප්රමාණයකින් වැඩි වන බවද එමෙන්ම අනතුරු නිසා සිදුවන මරණ වැඩිවී ඇතැයිද පැවසූ අමාත්යවරයා ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
අලුත් අවුරුදු සතිය තුළ රටෙහි සාමාන්ය තත්ත්වයට වඩා මරණ වල වැඩිවීමක් දක්නට ඇතැයිද, නිවෙස් තුළදීත්, ගමනාගමනය කිරීමේදීත්, විවිධ උත්සව සහ සැණකෙළි පැවැත්වීමේදීත් අනතුරු හේතුවෙන් විශාල ප්රමාණයෙන් රෝහල්ගතවීම් සිදුවන බවද පැවසුවේය.
උත්සව සමයේ දින 04ක නිවාඩුව වෙනුවෙන් ශ්රී ලංකා පොලීසිය බස්නාහිර පළාත තුළ රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව සදහා වැඩිපුර නිලධාරීන් 1500ක් පමණ යොදවා ඇතැයිද මේ සම්බන්ධව ගමනාගමන කොමිෂන් සභාව පුද්ගලික බස්රථ හිමියන් සහ ලංගම සමග සාකච්ඡා කර වැඩිපුර ගමන්වාර 700ක් පමණ යොදවා ඇති බවද අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාශයේ බස්රථ වැඩිපුර 100ක් යොදවමින් මහජනයාට ගම්බිම් බලා කිසිදු හිරිහැරයකින් තොරව ගමන් කිරීමට වාතාවරණයක් සලසා ඇතැයිද රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේය.
මෙම ප්රවෘත්ති සාකච්ඡාව සදහා සෞඛ්ය අමාත්යංශයේ ප්රජා විශේෂඥ වෛද්ය සමිත සිරිතුංග මහතා, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්ය සෙනිත ලියනගේ මහතා, සෞඛ්ය අමාත්යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ වෛද්ය සමිද්ධි සමරකෝන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
The post උත්සව සමයේ අනතුරු වලින් ආරක්ෂා වීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශන සංග්රහයක් appeared first on ITN News.