වැල්ලවායේ දී සිදුවු අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට
වැල්ලවායේ දී සිදුවු අනතුරකින් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව මව සහ පියා තුවාල ලැබුවා.
වැල්ලවාය මොණරාගල ප්රධාන මාර්ගයේ දී ත්රීරෝද රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණා.
එම අනතුරෙන් ත්රී රෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු දෙකයි මාස අටක දරුවා ජිවිතක්ෂයට පත්ව මව සහ පියා තුවාල ලැබුවා.
ඔවුන් වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මව වැඩිදුර ප්රතිකාර සදහා මොණරාගල මහරෝහලට මාරුකර යැවීමටයි කටයුතු කෙරුණේ.
ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගැනුනු අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්රියාත්මකයි.
The post වැල්ලවායේ දී සිදුවු අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.