රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කර තිබෙනවා.
ඒ සඳහා 7500කට ආසන්න ආරක්ෂක බලඇණියක් යොදවන බවයි පොලිසිය පවසන්නේ.
මෙවර රාමසාන් උත්සවය අනිද්දා දිනයට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කෙරෙන්නේ පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්රිවිධ හමුදාව ඒකාබද්ධවයි.
සියලු ඉස්ලාම් දේවස්ථානවල මව්ලවි තුමන්ලා හමුවී අදාළ ආරක්ෂක සැලැස්මක සකස් කර තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3203ක් අතරින් දේවමෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන 2453කට අවශ්ය ආරක්ෂාව සැපයෙනවා.
ඒ සදහා පොලිස් නිලධාරීන් 5580 දෙනෙකු යෙදවීමට නියමිතයි. විශේෂ කාර්ය බලකායේ 510 දෙනෙකු ද ඒ සදහා අනුයුක්ත කර තිබෙනවා. ත්රිවිධ හමුදා නිලධාරීන් 1260 දෙනෙකු ද සමගින් 7350කට අධික ආරක්ෂක බටපිරිසක් යෙදවීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බවයි ආරක්ෂක අංශ සදහන් කරන්නේ.
The post රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් appeared first on ITN News.