උතුර, නැගෙනහිර අවතැන් වූවන් සිටින සියලුම සුබසාධන මධ්යස්ථාන මෙම වසරේ දී වසා දමනවා – ඇමති ප්රසන්න
උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රදවා සිටින සියලුම සුබසාධන මධ්යස්ථාන මෙම වසරේ දී වසා දමන බව අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසනවා.
කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්රික්කවල ඉදිකළ නැනෝ ජල පිරිපහදු කිරීමේ මධ්යස්ථාන ජනතා අයිතියට පත්කරමින් අමාත්යවරයා එම අදහස් පළ කළා.
කිලිනොච්චි දිස්ත්රික්කයේ සෙල්වනගර්, උරුතිපුරම් ප්රදේශවල සහ වවුනියාව දිස්ත්රික්කයේ කන්කන්කුලම්, අවරන්තුලාව යන ප්රදේශවල නැනෝ ජල පිරිපහදු මධ්යස්ථාන පිහිටුවා තිබෙනවා.
උතුරු නැගෙනහිර පැවති ගැටුම්කාරී වතාරවණය හේතුවෙන් පිහිටු වු සුබසාධන මධ්යස්ථානවල සිටි බොහෝ පිරිසකට ඉඩම් ලබාදීමට රජය පියවර ගත්තා.
යාපනය දිස්ත්රික්කයේ සුබසාධන මධ්යස්ථාන තුනක් තවදුරටත් ක්රියාත්මකව වන අතර එහි සිටින පවුල් සංඛ්යාව 10ක්. ඔවුන් සියලුදෙනාට ද ඉඩම් ලබාදී සියලු සුබසාධන මධ්යස්ථාන වසා දැමිමට පියවර ගන්නා බවයි අමාත්යවරයා පවසන්නේ.
The post උතුර, නැගෙනහිර අවතැන් වූවන් සිටින සියලුම සුබසාධන මධ්යස්ථාන මෙම වසරේ දී වසා දමනවා – ඇමති ප්රසන්න appeared first on ITN News.