2024 ජන්ද හිමි නාමලේඛන සැකසීම අරඹයි
මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛණ සැකසීමේ කටයුතු අද (09) ආරම්භ කෙරුණා.
මෙම වසර සදහා ඡන්ද හිමි නාමලේඛණ සකස් කිරීමේ කටයුතු අද සිට ලබන මස 10 වනදා දක්වා සිදු කිරීමටයි මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත්තේ.
ඒ අනුව මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛණයක තම නම ඇතුළත් කර ගැනීමට මෙතෙක් නොහැකිවූ පුද්ගලයින්ද ලබන මස 10 වනදා දක්වා ඒ සදහා අවස්ථාව සලසා දී තිබෙනවා.
තම වසමේ ග්රාම නිලධාරී කාර්යාලයට හෝ මැතිවරණ කාර්යාලයට ගොස් නම් ඇතුළත් කර ගැනීම සිදුකළ හැකි අතර එසේ නොමැති නම් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස නම් ඇතුළත් කර ගැනීමට හැකියාව පවතිනවා.
The post 2024 ජන්ද හිමි නාමලේඛන සැකසීම අරඹයි appeared first on ITN News.