ශ්රීලනිප මූලස්ථානයට තවත් ඉබ්බෙක්
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා පදනම් ආයතනයේ ඊයේ පැවති රැස්වීම නීතිවිරෝධි බව එම රැස්වීමට සහභාගි නොවු පාර්ශවය පවසනවා.
එමෙන්ම අද පෙරවරුවේ දෙපාර්ශවයටම ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස පොලිසිය දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත් අද දිනයේ දී මූලස්ථානයට පැමිණි සිටියේ මෛත්රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය පමණයි.
මූලස්ථානයේ ලිපිලේඛන අස්ථාන ගතවීමේ අවධානමක් පවතින බවට පොලිසියට පැමිණිලි කළේ ද මෙම පාර්ශවයයි.
ඔවුන් ද පක්ෂ මූලස්ථානයට මේ වන විට අලුතින් ඉබි යතුරු දමා ගිය අයුරුයි දැක ගත හැකිවුණේ.
පක්ෂ කාර්යාලයට ඉබි යතුරු දැමීමෙන් අනතුරුව ඔවුන් ප්රකාශ කළේ පක්ෂය තුළ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් පොලිසිය අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.
The post ශ්රීලනිප මූලස්ථානයට තවත් ඉබ්බෙක් appeared first on ITN News.