කල්ඉකුත් වූ රූපලාවණ්ය නිෂ්පාදන තොගයක් අත්අඩංගුවට
අලෙවියට තබා තිබූ කල් ඉකුත්වූ රූපලාවන්ය නිෂ්පාදන හා ළදරු සනීපාරක්ෂක නිෂ්පාදන තොගයක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සමත් වුණා.
අතුරුගිරිය ප්රදේශයේ සිදුකළ විමර්ශනයකදීයි විශේෂ වට්ටම් සහිතව අලෙවි කිරීමට සූදානම් කර තිබූ මෙම රූපලාවන්ය හා ළදරු සනීපාරක්ෂක ද්රව්ය තොගය සොයා ගැනුණේ.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධිකයි.
පරිභෝගික අධිකාරියේ සභාපති ජයන්ති විජේතුංග මහත්මියගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
The post කල්ඉකුත් වූ රූපලාවණ්ය නිෂ්පාදන තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.