උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්
උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
සාමාන්ය ජනතාවගේ මෙන්ම ප්රභූ ආරක්ෂාව පිළිබදව ද ආරක්ෂක අංශ නිලධාරීන්ට විශාල වගකීමක් පැවරී ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සිට විශ්රාම ලැබූ නිලධාරීන් 28 දෙනෙකුට ත්යාග හා සමරු සිහිවටන පිරිනැමීම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්රධානත්වයෙන් සිදුවුණා.
එම කොට්ඨාසයේ කාර්යාල සහාය සේවකයින්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් ත්යාග පිරිනැමීම ද සිදුවූ අතර විශේෂ ප්රභු ආරක්ෂක දිශාව භාර නියෝජ්ය පොලිස්පති අජිත් හේමසිරි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් appeared first on ITN News.