මැතිවරණ අපේක්ෂකයින්ගේ ඇප තැන්පතු ගාස්තු ඉහළට
ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන පුද්ගලයෙක්ගේ ඇප මුදල රු. මිලියන 2.6 ක් දක්වාත් ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප මුදල රු. මිලියන 3.1 ක් ලෙසත් ඉහළ දැමීමට යෝජනා කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂකයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සඳහා වන ඇප මුදල රුපියල් 11,000 ක් දක්වාත්, ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සඳහා ඇප මුදල රුපියල් 16,000 ක් දක්වාත් ඉහළ දමා තිබෙනවා.
පළාත් සභා ඡන්ද විමසීමේ පනත අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සඳහා ඇප තැම්පතුව රු. 6,000 ක් දක්වාත් ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප මුදල රු 11,000 ක් වන ලෙස එම ඇප තැන්පතු ගාස්තු ඉහළ දමා තිබෙනවා.
The post මැතිවරණ අපේක්ෂකයින්ගේ ඇප තැන්පතු ගාස්තු ඉහළට appeared first on ITN News.