හිම නිසා ඇලෙස්කාව අනතුරේ
ඇලෙස්කාවට බලපා ඇති වර්තාගත හිමපතනය මේ වන විට භයානක මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වනවා.
ඇලෙස්කාවේ ඇන්කරේජ් ප්රදේශයට අගල් සියය ඉක්මවු හිමපතනයක් ලැබී ඇති බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ.
ප්රදේශයේ නිවාසයන්හි වහලවල් කඩා වැටීමේ අවධානමක් මතුව ඇති බවට බලධාරීන් අනතුරු අඟවනවා.
ඇලෙස්කාවට සාමාන්යයෙන් ලැබෙන හිමපතනය ඉක්මවා යමින් මෙවර ශිත සෘතුවේ දී වාර්තාගත හිමපතනයක් ලැබෙමින් පවතිනවා.
ව්යාපාරික ස්ථාන දහසක පමණ හිමිකරුවන්ට අවධානයෙන් පසුවන ලෙසයි බලධාරීන් දැනුම් දී ඇත්තේ.
ඇතැම් ගොඩනැගිලි වහලවල් මේ වන විටත් හානියට ලක්ව ඇති බව සඳහන්.
වහලවල් මත රැදි ඇති හිම තට්ටුව ඉවත් කිරීම සඳහා සේවකයින් යෙදවීමට නගර බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
The post හිම නිසා ඇලෙස්කාව අනතුරේ appeared first on ITN News.