ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වීම් කරන ගුරුවරුන් වෙනුවෙන් ලැබුණු අනුමැතිය
සැමට ඉංග්රීසි වැඩසටහන යටතේ ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වීම් කරන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.
ඉංග්රිසි මාධ්යයෙන් සාමාන්ය පෙළ විෂයන් ඉගැන්වීම සදහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්යාව 4441ක්.
එහෙත් එම ගුරු අවශ්යතාව 6500ක් වනවා.
ඉංග්රිසි මාධ්යයෙන් ඉගැන්විම් සිදුකරන පාසල් සංඛ්යාව ද 765 සිට 1000 දක්වා වැඩි කරමින් එම ගුරු අවශ්යතාව සම්පුර්ණ කිරීම සදහායි නව ගුරුවරුන් බදවා ගැනීම සිදුකෙරෙන්නේ.
තෝරාගත් අත්යවශ්ය ආහාර ද්රව්ය 9කට අදාළව ප්රකාශිත මිල ගණන් හදුන්වාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග අත්යවශ්ය ආනයනික ආහාර ද්රව්යවල සිල්ලර මිල අඩුවිය යුතු වනවා.
එහෙත් එම භාණ්ඩවල මිල අඩු නොවීම හේතුවෙන් සතිපතා නව මිල ගණන් ප්රකාශයට පත්කිරීම මෙහි අරමුණයි.
The post ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වීම් කරන ගුරුවරුන් වෙනුවෙන් ලැබුණු අනුමැතිය appeared first on ITN News.