How can Sri Lankan charities find international donors and partners?

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ජනපතිගේ වැඩපිළිවෙල

- itnnews.lk

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විද්යුත් යතුරුපැදි ප්රදානය කිරීමේ අවස්ථාවට අද (09) පෙරවරුවේ කෝට්ටේ ශ්රී ජයවර්ධනපුර ආරක්ෂක අමාත්යාංශ මූලස්ථාන සංකිර්ණයේ දී එක්වෙමින්.

ආබාධිත රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජිවන තත්ත්වය නංවාලීම සඳහා රණවිරු සේවා අධිකාරිය මඟින් ක්රියාත්මක කර ඇති ව්යාපෘතිය යටතේ පළමු අදියර ලෙස යතුරු පැදි 50ක් ප්රදානය කිරීම සිදු කෙරුණු අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 17ක්.

අද උදෑසන ආරක්ෂක හමුදා මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් පිළිගනු ලැබුවා

යතුරු පැදි ප්රදානය සංකේතවත් කරමින් ජනාධිපතිවරයා ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙකු වෙත යතුරු පැදි ප්රදානය කිරීමට එක් වුණා

මෙම විදුලි යතුරුපැදි ව්යාපෘතිය ඔස්සේ රණවිරුවන් දිරිගැන්වීම මඟින් රණවිරු ප්රජාව අතර ව්යවසායකත්වය ඉහළ නැංවීමටද හැකි වනු ඇති බව රණවිරු සේවා අධිකාරිය අපේක්ෂා කරනවා

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේ රටේ ඒකීයභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවූ වීරෝධාර රණවිරුවන්ට කෘතවේදීත්වය පළ කරන බවයි.

ආබාධිත රණවිරුවන් සඳහා තවත් විදුලි යතුරුපැදි 76ක් මිළදී ගැනීම සඳහා මුදල් වෙන් කරන බවද පැවසූ ජනාධිපතිවරයා, වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්රි ලංකාවේ ආරක්ෂක අමාත්යාංශය, රණවිරු සුබසාධනය වෙනුවෙන් ඉහළින්ම කැපවී සිටින බව සඳහන් කලා.

යතුරු පැදි ප්රදානය කිරීමේ අවස්ථාවෙන් අනතුරුව ආබාධිත රණවිරුවන් අතරට ගිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක ද නිරත වුණා.

මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්රධානි ජෙනරල් ශවේන්ද්ර සිල්වා යන මහත්වරුන් ද, ත්රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති ඇතුළු ආරක්ෂක අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා

The post ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ජනපතිගේ වැඩපිළිවෙල appeared first on ITN News.

You may also like

- island.lk

State Minister of Tourism Diana Gamage revealed plans to designate 49 additional tourist destinations as official tourist zones and that the locations will be published in the government  gazette within a month as part of the on-going efforts to boost tourism. The state minister made the revelation during a press conference held at the Presidential […]

- island.lk

President Ranil Wickremesinghe reiterated the government’s commitment to maximizing the contribution of agriculture to the country’s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation, a significant export crop in the country’s history, as part of the agricultural modernization initiative. President Ranil Wickremesinghe made these remarks...

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has denounced the recent statement issued by the Minister of Public Security Tiran Alles at the Katukurunda STF training camp s passing out parade, which garnered widespread attention across various media platforms.

- adaderana.lk

President Ranil Wickremesinghe reiterated the government s commitment to maximizing the contribution of agriculture to the country s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation as part of the agricultural modernization initiative.

- adaderana.lk

Police Spokesman DIG Nihal Thalduwa says that the use of drone cameras is prohibited at May Day rally locations country-wide, without obtaining prior permission.

- adaderana.lk

Veteran musician Dr. Premadasa Mudunkotuwa has passed away on Monday at the age of 91, family members confirmed.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc