ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සීසීටීවීවලට කරලා තියන දේ
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සීසීටීවී කැමරා වසර 6ක් තිස්සේ සවි නොකර ගබඩාවක තබා ඇති බවට කෝපා කමිටුවේදී හෙළිවුණා.
මෙම කැමරා කඩිනමින් සවිකරන ලෙසත් වසර 4ක් පමාවූ ඊ පාස්පෝට් නිකුත් කිරීම කඩිනම් කරන ලෙසත් කෝපා කමිටුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළා.
රාජ්ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව එහි සභාපති රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්රධානත්වයෙන් රැස්වුණා.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2020/21 හා 22 වසරවල විගනකාධිපති වාර්තා හා වත්මන් කාර්යසාධනය පිළිබද මෙහිදී අවදානය යොමුවුණා.
ගුවන් තොටුපල ඊ ගේට් පහසුකමට අදාළ උපාංග මිලදී ගැනීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තු නියෝජිතයින් සම්බන්ධ කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දී තිබුණා.
එහෙත් ඒ සදහා පියවර නොගැනීම නිසා සමස්ත ඊ ගේට් පහසුකම් සැපයීමේ ක්රියාවලිය ප්රමාද වීම ගැන කාරක සභාවේ බලවත් අප්රසාදය පළවුණා.
ඊ පාස්පෝට් සදහා 2020 වසරේ ආරම්භ කළ ප්රසම්පාදන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ද නියෝග කෙරුණා.
ප්රාදේශීය කාර්යාල මගින් විදෙස් ගමන් බලපත්ර නිකුත් කිරීමේ දී නිසි ක්රියාවලියක් නොමැතිවීම නිසා පවතින තදබදය ඇතුළු අඩුපාඩු පිළිබදව ද අවදානය යොමුවුණා.
රුසියා හා යුක්රේන ජාතිකයින් වීසා අවසන්වීමෙන් පසුව මෙරට රැදී සිටින බව හෙළිවු අතර මෙවැනි අයගේ තොරතුරු ලබාදීම සදහා ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වාදීමේ වැදගත්කම අවධාරණය කෙරුණා.
ලංකාව ලොව ගුවන් ගමන් බලපත්ර ශ්රේණිගත කිරීම්වල ඉහළට ගෙන ඒමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද කෝපා කමිටුව දැනුම් දුන්නා.
The post ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සීසීටීවීවලට කරලා තියන දේ appeared first on ITN News.