වොෂින්ටනයේ මහමෙව්නා අසපුවෙන් ඇමෙරිකාව පුරා භාවනා වැඩසටහන්
ඇමෙරිකාවේ වොෂින්ටන් DC හිමහමෙව්නා අසපුව ලාංකීය බෞද්ධ විහාරයේ පිහිටා ඇති මහමෙව්නා භාවනා මධ්යස්ථානය තුළින් ඇමෙරිකාව පුරා භාවනා වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.
මාතලේ අමිතඛේම හිමි ඇතුළු එම අසපුවේ වැඩ වාසය කරන අදාළ විෂය පිළිබඳ ගැඔුරු අවබෝධයක් සහිත භික්ෂූන් වහන්සේලා විසින් ඉංග්රිසි මාධ්යයෙන් මෙම භාවනා වැඩසටහන් සිදු කරනවා.
ඇමෙරිකාව පුරා වෙසෙන ලාංකිකයන්,ඇමෙරිකානුවන් හා සෙසු රටවල පිරිස් කාන්තා පුරුෂ ප්රභේදයකින් තොරව මෙම වැඩ සටහන්වලට ඒකරාශි වේ.
මෙම භාවනා වැඩසටහන් වොෂින්ටන් DC හාවර්ජිනියා,මේරිලන්ඩ්,කැලිපෝනියා ඇතුළු ප්රාන්ත රැසක දියත් වන අතර ඒ ඒ ප්රදේශවලින් විශාල ඉල්ලුමක් ද පවතිනවා.
එක් භාවනා වැඩසටහනක් සඳහා 100කට අධික පිරිසක් එක්වන බව ද මේවා නොමිලයේ පවත්වන බවත් මහමෙව්නා අසපුවේ වැඩ වෙසෙන කිරුලපන අමිතරේවත හිමියන් සඳහන් කළා.
මෙම කටයුතුවලදී වොෂින්ටනයේ ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්රමුඛ තානාපති අංශ ලබාදෙන සහාය අතිමහත් බව මහමෙව්නා ප්රකාශක සඳහන් කළ අතර තානාපති පරිශ්රයේදීද භාවනා වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා.
The post වොෂින්ටනයේ මහමෙව්නා අසපුවෙන් ඇමෙරිකාව පුරා භාවනා වැඩසටහන් appeared first on ITN News.