නඩු භාණ්ඩ සොරකම් කළ උසාවි සේවකයන් දෙදෙනෙක් පොලිස් දැලේ
වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබු ගිනි අවි 7ක් සහ ගංජා කිලෝ ග්රෑම් 171ක් සොරකම් කළ උසාවි සේවකයන් දෙදෙනෙකු ඇතුලු 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.
මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන් කළ විමර්ෂණයකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මෙහි ප්රධාන සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙක්.
ඔහුට අනුබල දුන් එම අධිකරණයේම සේවය කළ තවත් සේවකයෙක් සහ ඔවුන් සොරකම් කළ භාණ්ඩ මිල දී ගත් 4 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ව්යාජ යතුරක් සකස් කර මෙම සොරකම් සිදුකර ඇති අතර මොවුන් සොරකම් කළ විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවි දෙකක් ද පොලිසිය සොයා ගත්තා.
The post නඩු භාණ්ඩ සොරකම් කළ උසාවි සේවකයන් දෙදෙනෙක් පොලිස් දැලේ appeared first on ITN News.