අලුත් අවුරුදු සමයේ ආපනශාලා විශේෂ පරීක්ෂාවකට
අලුත් අවුරුදු කාලයේ ආපන ශාලා ඇතුළු ආහාර ලබාදෙන ස්ථාන පරීක්ෂා කිරීමට සෞඛ්ය අංශ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
අලුත් අවුරුදු සමයේ දී බොහෝ පිරිසක් භාණ්ඩ මිලදී ගැනීමට මේ වනවිටත් නගර වලට පැමිණෙමින් සිටිනවා.
ඔවුන් නගරයේ පිහිටි ආපන ශාලා වලින් ආහාර ලබාගන්නා අතර පරිභෝජනයට නුසුදුසු ආහාර ලබාදෙන බවට පැමිණිලි ලැබී ඇති බවයි මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් පවසන්නේ.
ඒ අනුව ආපන ශාලා ඇතුළු ආහාර ලබාදෙන ස්ථාන පරීක්ෂා කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.
මහනුවර සහ කටුගස්තොට නගරවල වෙළෙඳසැල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් කටයුතු කළා.
මේ අතර දුර ගමන් සේවා බස් රථ නතර කරන ආපන ශාලා පරීක්ෂාවට ලක්කිරීමට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පියවර ගත්තා.
හාලිඇල නගරයේ ද වෙළෙඳසැල් විශේෂ පරීක්ෂාවට ලක්කෙරුණා.
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම ,අවිධිමත් ලෙස ආහාර ගබඩා කිරීම ඇතුළු වැරදි ක්රියා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සෞඛ්ය නිලධාරීන් කටයුතු කළා.
The post අලුත් අවුරුදු සමයේ ආපනශාලා විශේෂ පරීක්ෂාවකට appeared first on ITN News.