How can Sri Lankan charities find international donors and partners?

අධ්යාපනය, ඉඩම්, නිවාස හා ව්යාපාර අයිතිය ලබාදෙමින් ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කරනවා – ජනපති

- itnnews.lk

අධ්යාපනය, ඉඩම්, නිවාස හා ව්යාපාර අයිතිය ලබා දෙමින් ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට ජනතාව පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළා.

ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් කිරීම මගින් නොබිඳෙන පුළුල් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මෝදර, රන්දිය උයන මහල් නිවාස ලබාදීමේ ජාතික උත්සවයට ඊයේ (09) පස්වරුවේ එක්වීමෙන්.

2010 වසරේ කජීමාවත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවෙන් මෙම රන්දිය උයන නිවාස සංකීර්ණයේ නිවාස 294ක් ජනතා අයිතියට පවරාදීම මෙහිදි ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ,

“වසර දහයකට වඩා කාලයක් කජිමාවත්තේ ජනතාව ජීවත් වී තිබෙන්නේ අපායක් වැනි ස්ථානයකයි.

එහි ජීවත් වුනේ කොහොමද යන්නත් හිතාගත නොහැකියි. එවැනි පසුබිමක මෙම මහල් නිවාස කඩිනමින් ජනතාවට ලබාදීමට හැකි වීම පිළිබඳ සතුටුවනවා.

මේ සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා විශාල උනන්දුවක් දැක්වූවා.

ඔබට අද ලැබෙන මෙම නිවස ඔබේ වටිනාම දේපළ බවට පත්වෙනවා.

එය ආරක්ෂාකාරීව භාවිත කිරීම ඔබ සතු වගකීමක් වෙනවා.

පසුගිය වසර දහයක කාලය තුළ දුක් වින්ඳ ඔබ මෙම නිවාස උගස් තියන්න හෝ විකුණන්න එපා.

තමන්ගේ ජීවිතය වගේ මෙම නිවාස රැකගන්න කියා මා ඉල්ලා සිටිනවා.

2022 වසරට වඩා සැහැල්ලුවෙන් හුස්ම ගන්න සමාජ වටපිටාවක් වසර දෙකක කාලයක් ඇතුළත ගොඩනැඟීමට අපට හැකි වුණා.

ආහාර,ගෑස්, ඉන්ධන පෝලිම්වල දුක් වින්ඳ ජනතාව අද සාමාන්ය ලෙස ජීවත් වෙනවා .

පෝලිම් යුගයේදී වැඩියෙන්ම දුක්විඳීමට සිදු වුණේ කොළඹ ජනතාවටයි.

එයිනුත් මහල් නිවාසවල හා වතුවල ජීවත් වූ ජනතාව විශාල දුකක් වින්ඳා.

ආර්ථිකය යහපත් කිරිම වෙනුවෙන් අප අනුගමනය කළ බදු ප්රතිපත්තිය නිසා ජීවන බර තවත් වැඩිවුණු බව අප පිළිගන්නවා.

නමුත් එය ඔබ දරා ගත් නිසා අද වන විට ණය ගැනීමකින් හෝ මුදල් මුද්රණය කිරීමකින් තොරව රාජ්ය ආදායම් වැඩිකර ගැනීමට හැකි වී තිබෙනවා.

ඒ නිසාම මේ වසරේ සිට රාජ්ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් ඉහළ දැමීමට අපට හැකි වුණා. රුපියල ද ශක්තිමත් වුණා.

එම දුක්විඳි ජනතාව වෙනුවෙන් සින්නක්කර ඉඩම් ඔප්පුවක්, සින්නක්කර නිවසක් ලබාදීම ඔවුන්ට කරන ස්තුති කිරීමක් ලෙස මා දකිනවා.

ඉදිරියේදී නිවාස 50,000කට අධික සංඛ්යාවක් ජනතාවට ලබා දෙනවා.

මා අගමැතිවරයා ලෙස සිටියදී චීන රජයෙන් ලබාදුන් නිවාස 1996ද ඉදිරි වසර දෙක තුළදී ජනතාවට ලබාදීමට පියවර ගන්නවා.

ඉඩම් අයිතිය හෝ නිවාස අයිතිය සින්නක්කරව ලබාදීම මීට පෙර සිදු වුණේ නැහැ.

ඉදිරියේදී අධ්යාපන අයිතිය ,ඉඩම් අයිතිය ,නිවාස අයිතිය හා ව්යාපාර අයිතිය ජනතාවට ලබාදෙමින් ආර්ථිකය ජනතාව දෙසට පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා.

එයින් රටේ ආර්ථිකයට ජනතාවගේ සෘජු දායකත්වයක් ලබා ගත හැකියි.”

සංචාරක හා ඉඩම්, ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා,

“2022දී ඔබ හුස්ම ගත්තාට වඩාත් දහගුණයකින් හුස්ම ගැනීමට හැකි පරිසරයක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද නිර්මාණය කර තිබෙනවා.

එදා තිබුණේ තුන්වේල කන්න නොහැකිව,ජනතාව පෝලිම්වලට වී දුක් විඳපු සමාජයක්.

ඒ අවස්ථවේ ජනතාව වෙනුවෙන් ජනාධිපති ධූරය ලබාගෙන වැඩ කරන්න කියා එවකට සිටි පාලකයින් කොපමණ කීවත් ඒ අභියෝගය භාර ගන්න කිසිදු නායකයෙක් පාර්ලිමේන්තු හිටියේ නැහැ.

පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තිබූ රනිල් වික්රමසිංහ මහතා එම අභියෝගය භාරගෙන ජනතාව ජීවත් කරවිය හැකි ආර්ථික තත්ත්වයක් නිර්මාණය කළා.

පසුගිය මාස 23 ඇතුළත පෙර පැවති ආර්ථික මට්ටමට රට ගෙන ඒමට එතුමාට හැකි වුණා.

අද පිටකොටුව, මහරගම , බදුල්ල හෝ ලංකාවේ ඕනෑම නගරයක විශාල ජනතාවක් උත්සවය සමය වෙනුවෙන් විවිධ මිලදී ගැනීම් සිදු කරනවා.

එය රටේ ආර්ථිකය යථාතත්ත්වයට පත්වී ඇති බව පෙන්නුම් කරන හොඳම උදාහරණයක් .

ආර්ථිකය ගොඩනැඟීමේ අභියෝගය එදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා භාර නොගත්තානම් අද රට තිබෙන තැන ඔබ හිතා බලන්න.

ආර්ථිකය ගොඩනැඟීම සම්බන්ධයෙන් අද විවාදයට අඬගහන විපක්ෂයේ කණ්ඩායම්වලින් ඇසිය යුතුයි, එදා අභියෝගය භාර නොගත්තේ ඇයි? කියලා.

එම කණ්ඩායම් දන්නේ ආර්ථික විද්යාවේ තියරි විතරයි. ප්රායෝගික ආර්ථික විද්යාව ඔවුන් දන්නේ නැහැ.

රාජ්ය සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩි කිරීමටත් ජනාධිපතිවරයා කටයුතු කළා. කම්කරුවන් වෙනුවෙන් කතා කරන කිසිදු පක්ෂයක් එවැනි වැටුප් වැඩි කිරීමක් සිදු කර නෑ.

අද වන විට රුපියල ශක්තිමත් වී තිබෙනවා.

සංචාරකයන් විශාල වශයෙන් රටට පැමිණෙමින් තිබෙනවා.

මේ සියල්ල සිදුවන්නෙ ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාසයක් ජාත්යන්තරයටද තිබෙන නිසයි.

ඒ නිසා ඔබ අද ගෙදර ගිහින් ඔබට මේ ලැබුණු නිවස පිළිබඳ නැවත සිතා බලන්න.

නැවත වරද්ද ගත්තොත් අපට වඩා අපගේ දරුවන්ට අනාගතයක් අහිමි වන බව මතක තබාගන්න.”

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා,

“මීට වසර දෙකකට පෙර සමාජය ඉතා අර්බුදකාරී ලෙස තිබුණු රටක් අද වන විට යථාතත්ත්වයට පත්වෙමින් තිබෙනවා.

ජනාධිපතිවරයා රටේ මූලික ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට කටයුතු කළා.

ඒ එතුමගේ තිබුණු ජාත්යන්තර සබඳතා නිසයි. ඒ වගේම නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවීමට අවශ්ය නීතිරීති සම්මත කරගත්තා.

සංචාරකයින් අද විශ්වාසයෙන් යුතුව අපේ රටට පැමිණෙන්නේ ශ්රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඔවුනටද විශ්වාසයක් තිබෙන නිසයි.

ඒ වගේම මෙරට ආර්ථික වර්ධන වේගය වැඩි කිරීම සඳහා ද ජනාධිපතිවරයා මේ වන විටත් සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ හරහා ආදායම වැඩි කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට හැකියාව තිබෙනවා.

2019 වසරේ දී ලක්ෂ 25 සංචාරකයින් ප්රමාණයක් මේ රටට පැමිණ තිබෙනවා.

එම ඉලක්කය මේ වන විට නැවත යථාතත්ත්වයට ගෙන ඒමට සමත්ව තිබෙනවා.

එම ප්රමාණය තවත් ලක්ෂ 25කින් වැඩිකර වාර්ෂික සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ පනහ දක්වා වර්ධනය කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

එහිදී දෛනිකව ඩොලර් 500ක් පමණ වියදම් කරන සංචාරකයින් ගෙන්වා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම ඉන්දියාව සමඟ සාකච්ඡා කර දකුණු ඉන්දියාවේ ආනයන හා අපනයන ශ්රී ලංකාවේ කොළඹ වරාය හරහා සිදු කිරීම මඟින් මෙරට ආදායම් තත්ත්වය වර්ධනය කිරීමට ජනාධිපතිවරයා මේ වන විටත් කටයුතු කර තිබෙනවා.

නවීන කෘෂිකර්මාන්තයක් ඇති කරමින් නිෂ්පාදන හා අපනයන ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කරමින් තිබෙනවා.

පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රෙයේ ආයෝජන ඉහළ නංවා වැඩි ආදායම් තත්ත්වයක් ළඟා කර ගැනීමට ද සැලසුම් සකස් කර තිබෙනවා.

උරුමය වැඩසටහන යටතේ ඉඩම් ලබාදීමත් ජනාධිපතිවරයා කටයුතු කළා.

ඒ වගේම අද ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහනක් ක්රියාත්මක කරනවා.

මේ සියලු දේ කළේ පසුගිය වසර දෙකක කාලයක් ඇතුළතයි. රට ආර්ථික අර්බුදයෙන් මුදාගත්තේ ද නව ආර්ථික සැලසුම් ඇති කළේද වසර දෙකක් ඇතුළතයි.

ඒ නිසා අප එකට එක්ව වැඩ කිරීම තුළින් ශ්රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය හැකියි.

හිටපු අමාත්ය රවී කරුණානායක මහතා,

කජිමාවත්තේ ගිනිගත් නිවාස වෙනුවට නව නිවාස ලබාදීමට 2015 වසරේදී තීරණය කළත් එවකට සිටි රාජ්ය නායකයා ඒ සඳහා අනුමැතිය ලබා දුන්නේ නැහැ.

නමුත් වසර නවයක් ගෙවී ගිය පසුව රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා කජීමාවත්තේ ජනතාවට සාධාරණය ඉටු කර තිබෙනවා.

මේ ජනතාවට නිවාස අයිතිය ලැබෙන්නේ වසර දාහතරකට පසුවයි.

මේ නිවාස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 12,855 වැය කර තිබෙනවා.

මෙම නිවාස ලබාදීමේදී දේශපාලන පක්ෂ පාට බලන්නේ නැහැ.

මේ සියලු නිවාසවල සින්නක්කර අයිතිය නිවාස හිමි ජනතාවට ලබාදෙනවා.

ඒ වගේම මාසික කුලිය වන රුපියල් 4500ක මුදල ද ලබා ගන්නේ නැහැ.

එම මුදල ඔබලාගේ පවුල්වල සෞඛ්ය හා අධ්යාපන අවශ්යතා සඳහා යෙද වීමට දැන් අවස්ථාව හිමිවෙනවා.

ඉදිරි මාස දෙක තුළ කොළඹ පිහිටි මහල් නිවාස 53,800 ජනතා අයිතියට පත් කරන බවද සතුටින් දැනුම් දෙනවා.

ඒ වගේම මේ නිවාස ලබා ගන්නා ජනතාවගෙන් ඉල්ලීමක් කළ යුතුයි.ඒ තමන්ගේ නිවාස නිසි ආකාරව නඩත්තු කර පිරිසිදුව පිළිවෙළට භාවිතා කරන ලෙස යි..

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කිසි දිනක ප්රතිපත්ති වෙනස් කළේ නැහැ.

බලය අහිමි වී ගියත් එතුමා එතුමාගේ ප්රතිපත්ති රැකගෙන කටයුතු කළා.ආර්ථිකය ගොඩනගා රට මේ තැනට ගෙනඒමට කටයුතු කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙවර නිර්පාරක්ෂික ජනාධිපති අපේක්ෂක ලෙස ගෙන ඒමට කටයුතු කරනවා. එතුමා වැඩි ඡන්දයෙන් ජනාධිපති පුටුවට නැවත ගෙනඒමට කොළඹ ජනතාව කටයුතු කරන බව මට විශ්වාසයි.”

කජීමාවත්ත නිවාස හිමිකරුවන් වෙනුවෙන් කතා කළ හිල්මා මුකේශ් මහත්මිය,

“අපට නිදහසේ හුස්ම ගන්න ලැබිලා වසර දෙකක් වෙනවා. ඊට පෙර භූමිතෙල්, කිරිපිටි,ගෑස් පෝලිම්වල උදේ ඉඳන් රස්තියාදු වෙන්න ජනතාවට සිදු වුණා .

එදා අපිට රැකියාවට යනවාට වඩා ඉකමනින්ම යා යුතු පෝලිම කුමක්ද කියන ප්රශ්නය තිබුණා.

ඒ කාලයේ රට බාරගන්න කිසිඳු නායකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා එම අභියෝගය භාරගෙන පෝලිම් යුගය නැතිකර ජන සමාජයට නිදහසේ හුස්ම ගන්න අවස්ථාව ලබා දී තිබෙනවා.

රටේ ආර්ථිකය යළි ගොඩගැනීම මෙන්ම අපට මෙවැනි නිවාස ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වනවා.

අපේ ගෙවල් ගිනිබත් වූ පසුව පවුල් 200ක් පමණ වසර 14 තිස්සේ ජීවත් වුණේ කුඩා ශාලාවකයි.

කුඩා දැරියන් වැඩිවියට පත් වුණෙත් එම ශාලාව ඇතුළතදීයි. ඒතුළ අපේ පෞද්ගලිකත්වය බිඳ වැටුණා.

අද මේ ලබා දෙන නිවාසය අපට මහත් ආඩම්බරයක් වන්නේ ඒ නිසයි. ඒවගේම නිවාස සඳහා මාසිකව කුලී මුදලක් අය නොකිරීම අපට ලබාදෙන විශාල සහනයක් බව කිව යුතුයි.

දැන් අපිට අපේ කියා නිවසක් තිබෙන නිසා මහත් ආඩම්බරයක් දැනෙන බවද කිව යුතුයි.”

වරාය, නාවික හ සිවිල් ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා, සබරගම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ඒ.එච්.එම්.ෆවුසි, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්යංශයේ ලේකම් සත්යානන්ද සුභසිංහ, ජනාධිපති වෘත්තිය සමිති කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post අධ්යාපනය, ඉඩම්, නිවාස හා ව්යාපාර අයිතිය ලබාදෙමින් ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කරනවා – ජනපති appeared first on ITN News.

You may also like

- island.lk

State Minister of Tourism Diana Gamage revealed plans to designate 49 additional tourist destinations as official tourist zones and that the locations will be published in the government  gazette within a month as part of the on-going efforts to boost tourism. The state minister made the revelation during a press conference held at the Presidential […]

- island.lk

President Ranil Wickremesinghe reiterated the government’s commitment to maximizing the contribution of agriculture to the country’s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation, a significant export crop in the country’s history, as part of the agricultural modernization initiative. President Ranil Wickremesinghe made these remarks...

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has denounced the recent statement issued by the Minister of Public Security Tiran Alles at the Katukurunda STF training camp s passing out parade, which garnered widespread attention across various media platforms.

- adaderana.lk

President Ranil Wickremesinghe reiterated the government s commitment to maximizing the contribution of agriculture to the country s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation as part of the agricultural modernization initiative.

- adaderana.lk

Police Spokesman DIG Nihal Thalduwa says that the use of drone cameras is prohibited at May Day rally locations country-wide, without obtaining prior permission.

- adaderana.lk

Veteran musician Dr. Premadasa Mudunkotuwa has passed away on Monday at the age of 91, family members confirmed.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc