මන්ත්රී කාවින්ද CIDයට
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ ප්රකාශයට අදාළව සාක්ෂි ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
මෙම ප්රකාශය සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
පාස්කු ප්රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ ප්රකාශය මහත් ආන්දෝලනයකට ලක්වුණා.
ඒ සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඊට අදාළව සාක්ෂි සටහන් කර ගැනීම සඳහා පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුවයි ඒ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ.
ප්රකාශ ලබාදීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දැක්වූ කාවින්ද ජයවර්ධන මහතා ප්රකාශ කළේ හිටපු ජනාධිපතිවරයාට මෙම ප්රකාශයෙන් නිදහස් විය නොහැකි බවයි.
The post මන්ත්රී කාවින්ද CIDයට appeared first on ITN News.