යළි යළිත් ශ්රී ලංකේය නාමය බබළවන ඩිලන්ත
ප්රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවති යුරෝපියානු ජී.ටී.- 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියේදී දෙවන ස්ථානය දිනා ගත් ශ්රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා 04/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම තරගය ඉකුත් 05 , 06, සහ 07 යන දින වල ලෝකයේ රටවල් 40 ක මෝටර් රථ ධාවන ශූරයින් විශාල සංඛ්යාවකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබූ අතර ශ්රී ලංකාව පමණක් නොව සමස්ථ ආසියාවම නියෝජනය කරමින් ඩිලන්ත මාළගමුව එම තරගයට සහභාගී වී තිබුණා
මාධ්යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඩිලන්ත මාළගමුව මහතා මෙම වසරේ තවත් මෝටර් රථ ධාවන තරග 08 ක් යුරෝපයේ සහ තවත් මෝටර් රථ ධාවන තරග 02 ක් සදහා වශයෙන් මෝටර් රථ ධාවන තරග 10 ක් ඉතිරිව ඇති බවත් ඒවාට හොදින් පුහුණු වී තරග කර ලෝක ශූරතාවය දිනා ගැනීමට තමන් අපේක්ෂා කරන බවත් ප්රකාශ කළා
The post යළි යළිත් ශ්රී ලංකේය නාමය බබළවන ඩිලන්ත appeared first on ITN News.