ඊශ්රායල අගමැතිවරයා වැරැද්දක් සිදුකරනවා – ජෝ බයිඩ්න්
ගාසා තීරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ඊශ්රායල අගමැතිවරයා වැරැද්දක් සිදුකරන බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා.
ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ක්රියා කලාපයට තමන් එකගවන්නේ නැති බව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසා තිබෙනවා.
ඉදිරි සති 6ත් / 8ත් අතර කාලය තුළ ගාසා තීරයට සියලු ආහාර හා ඖෂධ රැගෙන යාමට මාධ්යයක් තිබිය යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
මේ අතර යුද්ධය සදහා පවතින ඇමෙරිකා සහයෝගය රදා පවතින්නේ ඊශ්රායලය ගාසා තීරයට වැඩි වශයෙන් ආහාර හා ඖෂධ ලබාදීම මත බව ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගිය දා සඳහන් කළා.
අවශ්ය පුද්ගලයන්ට ගාසා තීරයට ආධාර ලබාදීමට අවස්ථාව සලසා ඇති බව චෝදනා ප්රතික්ෂේප කරමින් ඊශ්රායලය පවසනවා.
කෙසේ වෙතත් සටන් විරාමයක් සදහා සති ගණනාවක් පැවති සාකච්ඡා අසාර්ථකවීමත් සමග ඊශ්රායලට පවතින ජාත්යන්තර පීඩනය ද වැඩි වී තිබෙනවා.
The post ඊශ්රායල අගමැතිවරයා වැරැද්දක් සිදුකරනවා – ජෝ බයිඩ්න් appeared first on ITN News.