කාන්තාවන් දෙදහසක් එක්වී ගොණු කළ නඩුව
කාන්තාවන් දෙදහසක් විසින් ගොනුකරන ලද සුවිශේෂි දේශගුණික නඩුවකදි ස්විස්ටර්ලන්තය මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ප්රංශ ජාත්යන්තර අධිකරණයක් තීන්දුකර තිබෙනවා.
දේශගුණික අර්බුදයට ප්රමාණවත් ලෙස මුහුණදීමට ස්විසර්ටර්ලන්තය අපොහොසත්වීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි ප්රංශ ජාත්යන්තර අධිකරණය ප්රකාශ කර ඇත්තේ.
2000කට අධික කාන්තාවන් තර්ක කර තිබුණේ දේශගුණික විපර්යාස ඉන්ධන සහිත තාප තරංග තම සෞඛ්ය හා ජීවන තත්ත්වය අඩපන කරමින් මිය යාමේ අවදානමක් ඇති කරන බවයි.
දේශගුණික නඩු සම්බන්ධයෙන් ජාත්යන්තර අධිකරණ තීන්දුවක් දුන් පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වන බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
අභියාචනා කිරීමේ අවස්ථාවක් ද නොමැති බවත් සදහන් වනවා. මෙය ස්විස්ටර්ලන්තයට එරෙහි තීන්දුවක් වුව ද සියලු යුරෝපීය රටවලට එය ඓතිහාසික පුර්වාදර්ශයක් සපයනු ඇති බව ද විදෙස් මාධ්යවල සඳහන්.
The post කාන්තාවන් දෙදහසක් එක්වී ගොණු කළ නඩුව appeared first on ITN News.