සුඩානයේ ළමයින් මිලියන 10ක් අවදානමේ
යුද්ධය ආරම්භ වී වසරක පමණ කාලයක් තුළ සුඩානයේ ළමයින් මිලියන 10කට අධික පිරිසක් ක්රියාකාරී යුද කලාපයක අවදානමින් සිටින බව වාර්තා වනවා.
ලොවපුරා ළමයින් වෙනුවෙන් ක්රියා කරන සේව් ද චිල්රන් ආයතනය පවසන්නේ සුඩානයේ දරුවන්ගෙන් හරි අඩක් පමණ සටනේ ඉදිරි පෙළේ සිට කිලෝ මීටර් 5ක් ඇතුලත සිටින බවයි.
ෂෙල් වෙඩි ප්රහාර ඇතුලු ප්රචන්ඩත්වය මෙන්ම ගැටුමේ පළමු මාසයේ සිට ප්රචන්ඩත්වයට මුහුණ දෙන ළමුන් සංඛ්යාව 60%කින් වැඩි වී ඇති බව එම වාර්තාවේ සඳහන්.
රටේ සෞඛ්ය තත්ත්වය කඩා වැටීමට ආසන්න බැවින් තවත් මිලියන සංඛ්යාත දරුවන් පිරිසකට ප්රමාණවත් ආහාර නොමැති බව වාර්තා වනවා.
The post සුඩානයේ ළමයින් මිලියන 10ක් අවදානමේ appeared first on ITN News.