කුඩු බිස්නස් කළ ගුරුවරිය
කුඩු ජාවාරම් කළ වේයන්ගොඩ පාසල් ගුරුවරියක සහ ඇයගේ මව පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනා.
ගුරුවරිය තවත් කිහිප දෙනෙකු යොදවා හෙරොයින් පැකට් සඟවා තබා ඊසි කෑෂ් ක්රමයට මුදල් ලැබුණු පසු ගැණුම්කරුවන්ට එම ස්ථාන දැනුම් දෙන බවයි විමර්ශනවලින් හෙලිවී තිබෙන්නේ.
වේයන්ගොඩ පොලීසිය කළ වැටලීමේ දී ගුරුවරිය සහ ඇගේ මව නිට්ටඹුව මල්වත්ත ප්රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.
ගුරිවරිය ළග තිබී හෙරොයින් මිලිග්රෑම් 2,300ක් සහ මව ළග තිබී හෙරොයින් මිලිග්රෑම් 4,500ක් සොයා ගැණුනා.
ගුරුවරිය විසින් තවත් කිහිප දෙනෙකු යොදවා නිට්ටඹුව තිහාරිය / මල්වත්ත / කොරසේ ඇතුළු ප්ර දේශවල ඉතා සූක්ෂම ලෙස හෙරොයින් පැකට් සඟවා ඊසි කෑෂ් ක්රමයට මුදල් ලැබුණු පසු සැගවූ ස්ථාන පිළිබද ගැණුම්කරුවන්ට දැනුම් දෙන බවටයි හෙළිවී තිබෙන්නේ.
හෙරොයින් සැගවූ ස්ථාන පිළිබද සටහන් තැබූ පොතක් සහ ජාවාරම සදහා යොදාගත් යතුරුපැදියක් ද පොලීසිය සොයාගත්තා.
මෙම ගුරුවරියගේ පියා ද හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා
. පාසල් ගුරුවරිය සහ මව ද අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
The post කුඩු බිස්නස් කළ ගුරුවරිය appeared first on ITN News.