සෑම දිනකම විදුලිය විසන්ධි වීම නිසා පීඩාවට පත් වන වැල්ලවාය ජනතාව
වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට සෑම දිනකම විදුලිය විසන්ධි වීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා.
ඔවුන්ගේ දෛනික කටයුතුවලට මේ තුළින් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.
වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැල්ලවාය නගරය සහ ආසන්න ගම්මාන කිහිපයකට සෑම දිනකම අවස්ථා ගණනාවකදී විදුලිය විනස්ධි වන බවයි ජනතාව පවසන්නේ.
සෑම දිනකම දස වතාවකට වඩා විදුලිය විසන්ධි වීම හේතුවෙන් වෙළදසැල් හිමියන් සහ කුඩා කර්මාන්ත වල නිරත වූවන් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.
එමෙන්ම විදුලි උපකරණ විනාශ වීමේ අවස්ථා ද බොහෝ විට වාර්තාවනවා.
මෙම ගැටලුවට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙසයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
The post සෑම දිනකම විදුලිය විසන්ධි වීම නිසා පීඩාවට පත් වන වැල්ලවාය ජනතාව appeared first on ITN News.