How can Sri Lankan charities find international donors and partners?

ඊශ්රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාලාභීන්ට ගුවන් ටිකට්පත්

- itnnews.lk

ඊශ්රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාලාභීන් පළමු 125 දෙනා අප්රේල් 13 පිටත් වෙයි

සියලු දෙනාට අමාත්ය මනුෂ අතින් ගුවන් ටිකට්පත්

ඊශ්රායල් රාජ්යයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායමට අයත් රැකියාලාභීන් 125 දෙනෙකු හට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් අද ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්රවණාගාරයේදී සිදු කෙරිණි.
අප්රේල් 13 වැනිදා මෙම රැකියාලාභීන් ඊශ්රායලය බලා පිටත්ව යාමට නියමිත අතර ඒ සඳහා වන ගුවන් ටිකට් පත් ප්රදානය කිරීමේ අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්යවරයා සමග ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්යාධිකාරී ප්රියන්ත සේනානායක, අතිරේක සාමාන්යාධිකාරී මංගල රන්දෙණිය මහත්වරු එක් වූහ.
ඉදිකිරීම් රැකියා සඳහා පිටත් වන පළමු කාණ්ඩය හැටියට එය වාසිසහගත මෙන්ම අවදානම්සහගතද අවස්ථාවක් වන බව කී අමාත්යවරයා, රැකියා බලා යන පළමු පිරිස හැටියට වගකීමෙන් රැකියාව කිරීමේ වැදගත්කමද රැකියාලාභීන් වෙත එහිදී අවධාරණය කළේය.
අමාත්යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
“පළමු කණ්ඩායම වාසි සහගතයි කියනවා වගේම තමයි පළමු කණ්ඩායම අවදානම්සහගතයි. මොකද රටේම අනාගතයට ඔබලාගේ ගමන තීරණාත්මකයි. පළමු කණ්ඩායම වීම ගැන ඔබ වාසනාවන්ත වෙන්නේ මේ දක්වා ඊශ්රායලයට ගිය අයගෙන් වැඩිම පඩි හම්බවෙන්නෙ ඔයාලට. හැබැයි නිකන් ඉඳලා නෙවෙයි. ලංකාවේ දවසකට වැඩ කරලා හොයන මුදලට වඩා මුදල එහෙදි වැඩියි. එහෙදි දරු සුරතල් බලන්න නෑ. වෙනත් වැඩ නෑ. ඒ ගිහිල්ල වැඩ කරන කාලයේ උපරිම මුදලක් හම්බ කළොත් ඔයාලා තමයි වැඩිම මුදලක් හම්බ කරන කණ්ඩායම. අවම වැටුප වගේ දෙගුණයක් විතර ඔබට හම්බ කරන්න පුළුවන් වීම වාසනාවේ පැත්ත. අවදානම් පැත්ත තමයි හරියට වැඩ නොකළොත් අනාගතයේදී යන්න ඉන්න 20,000ක ශ්රී ලාංකිකයින්ට අසාදාරණයක්. ඔබ ඉදිකිරීම් වැඩපළේ, මෑන් පවර් ඒජන්සියේ නවතින්න පුළුවන්. ලංකාවේ වැඩ කරද්දි වැඩ කරන්නේ සුඛෝපභෝගී තැන්වල ඉඳලා නෙමෙයි. නමුත්, පිටරටට ගියාම වොශින් මැශින්, කාමරේ ඒසී හොයන්න එපා. ඊශ්රායලයේ කෘෂි අංශයේ රැකියාවලට ගිය සමහර අයට දවසට දොඩම් කූඩ 02ක් කඩන්න කිව්වම කූඩයක් කඩාගන්න බෑ. අපේම තරුණයො ඉලක්කය සපුරලා, වැඩි ගණනකුත් හොයනවා.ඊශ්රායලයේ හාම්පුතුන් ඉල්ලන්නේ හොඳම අයව. පළමු අයගේ කණ්ඩායම ගැන වැරදි ප්රචාර නිසා අපේ කෘෂි ශ්රමිකයන් ගන්න එපා කියලා ප්රචාරය වුණා. රට වට්ටන්න ඕන නිසා ඒ අය රටට සල්ලි එවන්නත් එපා කිව්වා. ඒ අය ෆේස්බුක් එකෙන් මාලිමාවට ජය වේවා කියනවා.
ජයගමු ශ්රී ලංකා වැඩසටහන්වලදි අපි ඉදිකිරීම් සඳහා ශ්රමිකයින් ලියාපදිංචි කරද්දි මනූෂ නානායක්කාර නිෂ්පාදන ආර්ථිකයක් නොහදා තරුණයො රට පටවනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ රැළියෙදි කිව්වා අඩු මුදලට තරුණයො විකුණනවා කියලා. වියදම් කරලා යන රුපියල් ලක්ෂ හයට වැඩිය පළමු පඩියෙම ලැබෙනවා. ඒ රටවල වෘත්තීය ආරක්ෂාව බලනවා. ව්යවසායකයින් අපිට ඕනි. මේ 20,000 මාස 63කින් ආපහු ලංකාවට ආවොත් 20,000ක් රට වටේට බෙදෙනවා. ඔය අය ගම්වල ව්යවසායකයින්, ව්යාපරකයින් වෙනකොට මේ රට ගොඩදාන්න පුළුවන්. පාරවල්වල බෝඩ් උස්සන් හිටියට රට ගොඩදාන්න බෑ.” යැයි අමාත්යවරයා ප්රකාශ කළේය.

The post ඊශ්රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාලාභීන්ට ගුවන් ටිකට්පත් appeared first on ITN News.

You may also like

- island.lk

State Minister of Tourism Diana Gamage revealed plans to designate 49 additional tourist destinations as official tourist zones and that the locations will be published in the government  gazette within a month as part of the on-going efforts to boost tourism. The state minister made the revelation during a press conference held at the Presidential […]

- island.lk

President Ranil Wickremesinghe reiterated the government’s commitment to maximizing the contribution of agriculture to the country’s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation, a significant export crop in the country’s history, as part of the agricultural modernization initiative. President Ranil Wickremesinghe made these remarks...

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has denounced the recent statement issued by the Minister of Public Security Tiran Alles at the Katukurunda STF training camp s passing out parade, which garnered widespread attention across various media platforms.

- adaderana.lk

President Ranil Wickremesinghe reiterated the government s commitment to maximizing the contribution of agriculture to the country s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation as part of the agricultural modernization initiative.

- adaderana.lk

Police Spokesman DIG Nihal Thalduwa says that the use of drone cameras is prohibited at May Day rally locations country-wide, without obtaining prior permission.

- adaderana.lk

Veteran musician Dr. Premadasa Mudunkotuwa has passed away on Monday at the age of 91, family members confirmed.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc