ඉරාන ප්රහාරයක් ගැන බුද්ධි වාර්තාවක් හෙළි කරයි
ඊශ්රායලයට හෝ ඇමරිකා ඉලක්කයකට ළඟදීම ප්රහාරයක් එල්ල කිරීමට ඉරානය සුදානම් වන බව බුද්ධි වාර්තාවක් හෙළි කරනවා.
පසුගියදා සිරියාවේ ඩැමස්කස් හි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්රායලය එල්ල කළ ප්රහාරයට ප්රතිචාර දැක්වීමක් ලෙස මෙය සිදු වනු ඇති.
ඉදිරි පැය 24ත් 48ත් තුළ මෙම ප්රහාර එල්ල කරනු ඇති බවටයි එම වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර ඊශ්රායලය ඩැමස්කස් වෙත එල්ල කළ ප්රහාරයත් සමග ලෝක බොර තෙල් මිල ඩොලර් 90 ට වඩා ඉහළ ගොස් තිබෙනවා.
එම ගුවන් ප්රහාරයෙන් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය හෙවත් කුඩ්ස් බලකායේ ජෙනරාල්වරු දෙදෙනෙක් මිය ගියා.
කෙසේ වෙතත් මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ රාමසාන් මාසය අවසන් වන තුරු ඉරානය ප්රහාර එල්ල නොකරනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
The post ඉරාන ප්රහාරයක් ගැන බුද්ධි වාර්තාවක් හෙළි කරයි appeared first on ITN News.